ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකල මීටර විස්ස කෙටි දුර ධාවන ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණය සිදු කළ අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් එළි දක්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් වල යෙදෙන සුපිරි පහසුකම් වලින් යුත් ක්රිඩාගාරයක පිතිකරණයේ යෙදෙන ටර්ෆයක් මත අදාළ කෙටි දුර ධාවන පරීක්ෂණය සිදු කර තිබේ.
වරකට දෙදෙනා බැගින් මෙහි ධාවනයේ යෙදෙන අතර කාළය මනිනු ලබන්නේ පුහුණුකරුවෙකු විසින් විරාම ඝටිකාවක් උපයෝගි කර ගනිමිනි.
කෙසේ නමුත් ස්වයංක්‍රීය කාළය මැනීමේ උපකරණ භාවිතා නොකර විරාම ඝටිකා මගින් කාළය මැනීමේදි නිවැරදිම ප්‍රතිඵල ලබා ගැනීම අපහසු වනබව ක්‍රිඩා විචාරකයන් පෙන්වා දෙයි.
අදාළ පරීක්ෂණය සිදු කරන අයුරු දැක්වෙන ඡායාරූප පහතින්..










