අලව්ව ප‍්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සදහා ගම්පොල ප‍්‍රදේශයේ සිට පැමිණි කට්ටඩියකු එම නිවෙසේ 15 හැවිරිදි පාසල් දැරියක ත‍්‍රීරෝද රථයක් තුළදී අපයෝජනය කිරීමට සූදානම්වන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අලව්ව පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු සහ ඔහුගේ සහයකයා එම නිවසේ රාත‍්‍රීයේ පවත්වනු ලැබූ ශාන්තිකර්මයට අවශ්‍ය හඳුන්කූරූ රැගෙන ඒමට වෙළඳසැලකට යන මුවාවෙන් එම දැරිය සහ සිව් හැවිරිදි දරුවකු ත‍්‍රීරෝද රථයකින් රැගෙන ගොස් ඇති අතර අලව්ව – ගිරිඋල්ල මාර්ගයේ මල්ලැහැව ප‍්‍රදේශයේ ලඳු කැලෑවක් අසල අතුරු මාර්ගයකට ඔවුන් රැගෙන ගොස් සිටි බව පොලීසිය පවසයි.









