FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ සැත්කම් වලට භාවිත කරන රොබෝ අත මෙන්න.. (ඡායාරූප)

ලංකාවේ සැත්කම් සඳහා භාවිත කරන එකම රොබෝ අත ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ශල්‍යාගාරයේ පාවිච්චි කරන බව පැවසේ.

එය යොදාගන්නා ආකාරය මෞත්‍රික රෝග චිකිත්සක වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න පසුගියදා ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතට හෙළි කර තිබුණි.

මෙම රොබෝ අත ශරීරයේ අභ්‍යන්තරය පරීක්ෂා කරන හා පිළිසකර කරන ලැප්‍රොස්කොපි පරීක්ෂණ සැත්කම් සඳහා මීට වසර 3 ක් පමණ කාලයක් තිස්සේ භාවිතයට ගෙන තිබේ.

නූතන තාක්ෂණය භාවිතයෙන් දුරස්ථ පාලකයකින් දෙන විධානය ඔස්සේ මෙම රොබෝ අතින් සියුම් වැඩ ගතහැකි බව පැවසේ.

මෙම රොබෝ අත සමග එන අංගෝපාංග මගින් මෞත්‍රික ලැප්‍රොස්කොපි පරීක්ෂණ සැත්කම් සිදු කරද්දී ත්‍රිමාන එච්ඩී රූප ලබාදෙන බවත් ඒ මගින් අති සියුම් ලෙස සැත්කම් සාර්ථක කරගැනීමේ හැකියාව පවතින බවත් වෛද්‍ය සෙනෙවිරත්න පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් සියලුම සැත්කම් සඳහා මෙම රොබෝ අත අවශ්‍ය නොවන බවත් ඇතැම් සංකීර්ණ තත්වයන්හිදී ප්‍රයෝජනයට ගන්නා බවත් ඔහු පෙන්වා දෙයි.

පහතින් දැක්වෙන්නේ විදේශ රෝහලක මේ ආකාරයේ ‘ඩා වින්චි සිස්ටම්‘ එකක් උදව් කරගෙන ලැප්‍රොස්කොපි පරීක්ෂණ සැත්කමක් කරන ආකාරයයි.