FAST NEWS

24×7 Around the Globe

අලි අම්මාගේ උත්සහය හදවත සංවේදී කලේ මෙහෙමයි.. (වීඩියෝ)

දකුණු කොරියාවේ Seoul Grand Park හිදී පුංචි අලි පැටවෙකු ජල තටාකයකට ඇදවැටුණු පසු සිදුවූ හදවත් සංවේදී කළ වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම අවස්ථාවේ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත්කිරීමත් සමඟ මේ පිලිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇති බව සදහන්.

ජල තටාකය අසල අලි පැටියා සහ එක් අලියෙකු සිටින අතර එම අවස්ථාවේ අලි පැටවා පය ලිස්සා ජල තටාකයට ඇදවැටෙන අතර එම අවස්ථාවේ මදක් ඈතින් සිටින තවත් අලියෙකු එම ස්ථානයට දිවඑන අතර ඔවුන් දෙදෙනා අලි පැටවා බේරාගැනීමට මහත් උත්සහයක නිරත වෙයි.

කෙසේ වෙතත් අවසානයේ එම උත්සාහය සාර්ථක වන අතර අලි පැටවා ගොඩගැනීමට එම අලින් දෙදෙනා සමත් වන අතර පසුව අනාවරණ වී ඇත්තේ මෙලෙස පැටවා බේරාගනු ලබන්නේ අලි පැටවාගේ මව සහ තවත් කෙණරක් බවයි.

එම අවස්ථාව පහතින්..

 

C. රොද්‍රිගු