FAST NEWS

24×7 Around the Globe

ෆිට්නස් ටෙස්ට් එකෙන් පස්සේ මහේල ට්විටර් දැමූ ෆොටෝ එක.. (ඡායාරූප)

එළැඹෙන සිම්බාබ්වේ තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාවය මැන බලන පරීක්ෂණය ඊයේ 21 පැවැත්වුණ අතර ක්‍රීඩකයින් 28 දෙනෙකු මෙම පරීක්ෂණය සඳහා සහභාගී තිබේ.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණයෙන් පළමු තැන ලබාගැනීමට සමත් වූයේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වන අතර දෙවන ස්ථානය ලැබී තිබුණේ ලසිත් මාලිංග හටය.

තරුණ ක්‍රීඩකයින් රාශියක් සිටින කණ්ඩායමක පළමු හා දෙවන ස්ථාන මාලිංග හා කුලසේකරට ලැබීම සුවිශේෂ වන අතරම මෙම පරීක්ෂණයෙන් පසුව ලබාගත් මාලිංගගේ හා කුලසේකරගේ ඡායාරූපයක් මහේල ජයවර්ධනගේ නිළ ට්විටර් ගිණුමේ පලකොට තිබුණි.

මහේල ජයවර්ධන ට්විටර් ගිණුමේ පලකොට තිබූ ඡායාරූප හා සටහන පහතින්..