FAST NEWS

24×7 Around the Globe

බඹරෙකු ගිල දැමූ කොස්ටාරිකා ජනපති පැවැසූ දේ.. (වීඩියෝ)

කොස්ටරිකා ජනාධිපති ලුවී ගිල්මෝ සෝලිස් මාධ්‍යවේදීන් පිරිසක් සමඟ සිදු කරමින් සිටි සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී කුඩා කෘමියෙකු ගිල දැමීමේ පුවත් වාර්තා වේ.

පසුගියා බ්‍රහස්පතින්දා මෙම සිද්ධිය සිදුව ඇති අතර අදාළ සම්මුඛ සාකච්ඡාව සිදු වන අවස්ථාවේ ඔහුගේ මුඛය තුළට මෙලෙස කුඩා කෘමියෙකු ඇතුළු වී තිබේ.

එසේම මෙම කුඩා කෘමියා, බඹරෙකු බවද වාර්තාවන අතර එම බඹරා ගිල දැමීමෙන් අනතුරුව කොස්ටරිකා ජනපතිවරයා පැවසුවේ පහත පරිදි අදහසකි.

“ මම දෙබරව කෑවා. හොඳ ප්‍රෝටීන්.. මේ වගේ දේවල් හැමදාම දකින්න ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා මේ අවස්ථාව CNN එකට යවන්න ඕනේ.”

මේ සම්බන්ධයෙන් කොස්ටරිකා ප්‍රවෘත්ති ආයතනය ප්‍රසිද්ධ කර ඇති වීඩියෝව ලක්ෂ ගණනක පිරිසක් කෙටි කාලයකදී නරඹා ඇති බවද දසහන්ය.

වීඩියෝව පහතින්..

 

 

C . රොද්‍රිගු