FAST NEWS

24×7 Around the Globe

එක් දරු මව හා පාසල් සිසුවා අතර පෙම සියදිවිනසාගැනීම දක්වා දුර ගිය හැටී..

කාලයක් තිස්සේ අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය බව කියන 21 හැවිරිදි එක් දරු මවක සහ 17 හැවිරිදි පාසල් සිසුවෙකු අතර සම්බන්ධය නිවැසියන්ට දැනගන්නට ලැබීමෙන් පසු ප්‍රශ්න මතුවී දෙදෙනාම සියදිවිනසාගන්නට තැත්දැරූ පුවතක් පිටිගල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම සිද්ධිය නිසා එක්දරු කාන්තාව මිය ගොස් සිසුවා දැඩි ලෙස අසාධ්‍යව රෝහල් ගත කර ඇත.

සම්බන්ධය අසුවීම නිසා සැමියා සමග නිවසේ තවදුරටත් වාසය කරන්නට අපහසු බවත් අපට එක්වන්නට අවස්ථාව නැති නිසා වෙන්වීම යහපත් බවත් කියා වස පානය කරන්නට පෙළැඹවීම් ඇති කළ බව රෝහල් ගත කර සිටින සිසුවා සිද්ධිය විස්තර කරමින් දන්වා තිබේ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දරු මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර 17 හැවිරිදි පාසල් සිසුවා තවමත් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි.