කන්තලේ,පේරමඩුව ප්‍රදේශයේදී 10 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට මහ මඟදී එන්නතක් විදීම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අදාල සිසුවිය පසුගිය 17 වනදා උපකාරක පන්ති අවසන් වී නිවසට පැමිණෙමින් සිටින අතරතුර යතුරුපැදියකින් පසුපසින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙන් සිසුවියට එන්නත විදීමෙන් පසු පලාගොස් ඇති බව වාර්තා විය.
පොලිසිය පවසන්නේ යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා ශිෂ්‍යාවගේ දකුණු අතේ බහුවට එන්නත විද ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැරිය දෙමව්පියන් වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය කන්තලේ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
වැඩිදුර පරීක්ෂණ සදහා ඇය ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර ඇති අතර දැරිය සාමාන්‍ය තත්වයන් පසුවන බවද වාර්තා විය.









