කුවේට් රූපවාහිනි නාලිකාවක් වන MBC 1 රාමසාන් සමයේ විකාශනය කරන ලද රූපවාහිනි ටෙලි නාට්‍ය මාලාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
ප්‍රේක්ෂකයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් විකාශනය කර ඇති එම ටෙලි නාට්‍ය මාලාව සිරියාවේ සහ ඉරාකයේ සටන් වදින අයි.එස් ත්‍රස්තවාදීන්ගේ කෲරත්වය පිළිබදව ජනතාවට පෙන්වීම මුලික අරමුණ වී ඇත.
අයි.එස් ත්‍රස්තවාදීන් ලෙස රඟපාන නළුවන් කුවේට් සහ කටාර් විදේශ ගමන් බලපත්‍ර පෙන්වමින් ටෙලි නාට්‍ය මාලාවේ අවසාන කොටස් කීපයේදි රංගනයේ යෙදෙන අතර කුවේට් විදේශ සහ කටාර් ගමන් බලපත්‍ර පෙන්වීම හේතුවෙන් කුවේට් රාජ්‍ය තුල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇත.
MBC 1 නාලිකාවේ බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජුමාන් අල්-හබාෂ් ඉල්ලා සිටි බවද සදහන්ය.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)









