FAST NEWS

24×7 Around the Globe

ඔබාමාගේ උඩු කබාය ගැන මිෂෙල්ගෙන් හෙළි කිරීමක්..

හිටපු ජනාධිපති බරක් ඔබාමා බලයේ සිටි අවුරුදු අටක කාලය පුරාම රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා අඳින ලද්දේ එකම උඩ කබායක් බව ඔහුගේ බිරිය මිෂෙල් ඔබාමා හෙළි කර ඇති බව වාර්තා වේ.

අමෙරිකානු ජනාධිපතිවරයා හැටියට කටයුතු කළ නිල කාල පරිච්ඡේද දෙක තුළ සියලු නිල උත්සව සඳහා සැරසුණ එම උඩු කබායට තම සැමියා බෙහෙවින් ඇලුම් කළ බවද ඈ කියා තිබුණි.

ඒ ඒ අවස්ථා සඳහා සැරසිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් කටයුතු කළ ජනාධිපති ඔබාමා 1960 දශකයේ මුල්භාගයේ බලයේ සිටි ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගෙන් පසු ඉතා පිළිවෙළට ඇඳුම් අඳින ලද ජනාධිපතිවරයා ලෙසද සැලකෙයි.

එසේ වුවද අලුත් අලුත් විලාසිතා පසුපස හඹා නොගිය ඔබාමා ඇඳුම් සඳහා වැඩි කාලයක් මිඩංගු නොකළ පරණ කෝට්කාරයකු බව දැන් මිෂෙල්ගේ ප්‍රකාශය තහවුරු කර තිබේ.

 

(C . රොද්‍රිගු)