FAST NEWS

24×7 Around the Globe

තරුණියකට පොලිස් කොස්තාපල්වරයෙක් අතවර කළ හැටී..

ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි මියන්මාර් ජාතික තරුණියකට අතවර කළ පොලිස් කොස්තාපල්වරයෙක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ 21 හැවිරිදි තරුණිය පසුගිය 17 වනදා මිරිහාන ආගමන විගමන රැඳවුම් කඳවුරට යොමු කර ඇති බවට වාර්තා වූ අතර අනතුරුව එම තරුණිය අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබේ.

කෙසේ වෙතත් අදාළ මධ්‍යස්ථානයේදී ඇතිකරගත් සම්බන්ධතාවකට අනුව පාදුක්ක පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක් කළුබෝවිල රෝහලට පැමිණ ඇත්තේ ඇය බැලීම සඳහාය.

අනතුරුව එම පොලිස් කොස්තාපල්වරයා විසින් එම තරුණිය රෝහලෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර පසුව අදාල නිලධාරියා එම තරුණිය තාවකාලික ලැගුම්හලකට රැගෙනගොස් ලිංගික අතවර සිදුකර ඇති බවට වාර්තා වේ.

ඊට පසුදින අදාළ තරුණිය නැවත රෝහලට ඇතුල්වී ඇත්තේ ප්‍රතිකාර සඳහා වන අතර පසුව අදාළ සිදුවීම පිළිබඳව තරුණිය කළ හෙළිදරව්වකට අනුව පොලිසිය විසින් අදාළ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

(C රොද්‍රිගු)