FAST NEWS

24×7 Around the Globe

“රනිල්ට බැහැ” දැන් ඔප්පු වෙලා..

 

අතීතයේ මංගල සමරවීර “රනිල්ට බැහැ” යනුවෙන් කළ ප්‍රකාශය මේ වන විටත් ඔප්පු වී තිබෙන බවත්, වත්මන් ආණ්ඩුවේ නොහැකියාව හමුවේ ඩෙංගු උවදුරින් රෝගීන් මියයෑමට ඉඩ හැර ආණ්ඩුව නිකරුණේ බලාගෙන සිටින බවත්, ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවය පිළිබඳව පාරම්බාන අගමැතිවරයාට මෙරට සෞඛ්‍ය සේවය නැංවීමට නිසි වැඩපිළිවෙළක් නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ අවස්ථාවේදීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට , රටේ ආණ්ඩුව කෙසේ වෙතත් සියඹලාණ්ඩුවවත් පාලනය කිරීමට නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කර සිටියි.