තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ නව ඡන්ද විමසීමකින් තමන්ට බහුතර බලයක් ඇති බව පෙන්වන්නැයි විපක්ෂ ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින්, මහ ඇමති පලනිස්වාමිට අභියෝගයක් කර ඇති බව වාර්තා වේ.
තමිල්නාඩු ආණ්ඩුකාර විද්යාසාගර් රාවෝ වෙත ඔහු මේ බව ලිඛිතව දැනුම්දී ඇති බව සදහන්ය.
ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය නියෝජනය කරන මහ ඇමති පලනිස්වාමි අසාමාන්‍ය සිදුවීම් සමුදායකින් අනතුරුව තේරී පත්වූ බවත්, ඔහු ඒ සඳහා මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදී ඇති බවත් ස්ටාලින් එම ලිපිය මගින් චෝදනා කර තිබේ.
මෙම අල්ලස් චෝදනා පිළිබඳව මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාව වෙත දැනුම් දෙන්නැයිද ඩී.එම්.කේ. පක්ෂ නායක හිටපු මහ ඇමති කරුණානිධිගේ පුත් එම්.කේ. ස්ටාලින් ඉල්ලා ඇති බවද සඳහන්ය.









