ඇමෙරිකානු නාවුක හමුදාවට අයත් ට්‍රීපන් නමැති සම්බැරීනය විසින් 1970 වසරේදී අබිරහස් පිටසක්වළ යානා වල ඡායාරූප ගැනීමේ සිද්ධියක් අනාවරණය වී තිබේ.
මෙම සම්බරිනය අයිස්ලන්තයේ සිට ජැන් මේයන් දූපතට මුහුද මතුපිටට යාත්‍රා කරන අවස්ථාවේ මෙම පිටසක්වළ යානා දැකගැනීමට ලැබී තිබේ.
ට්‍රීපන් සබ්මැරිනයේ නාවුක ඩීන් රෙනොල්ඩ්ස් විසින් ගත මෙම ඡායාරූප මෑතකදී හෙළිවීමත් සමග එය පිටසක්වල ජිවින්ගේ පැවත්ම පිලිබඳ ප්‍රභල සාක්ෂියක් ලෙස පෙන්වාදිය හැකි බව හඳුනා නොගත් පියාසර වස්තුන් පිලිබඳ පර්යේෂකයන් ප්‍රකාශ කොට තිබේ.











