FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය බොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් ජනාධිපතිවරණයට..?

 

මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන හොලිවුඩ් සුපිරි නළුවකු සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ඒ බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු වන ඩ්වේන් ජොන්සන් බව සඳහන් වන අතර මේ පුවතෙහි සත්‍ය අසත්‍යතාව තවමත් නිශ්චිතව තහවුරු කළ නොහැකි වුවත් පසුගිය සතියේ මේ සුපිරි තරුව ප්‍රකාශකර ඇති කාරණාව පිළිබඳව බොහෝදෙනාගේ අවධාන යොමුව තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ නැවත ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2020දී වන අතර, ඒ සඳහා තව අවුරුදු 03 කාලයක් ඇති බවත් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ ප්‍රකාශයෙන් පසු බොහෝදෙනා සඳහන් කර ඇත්තේ, ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව පරාජය කළ හැකි බවයි.

එසේම තවත් සමහරුන් ප්‍රකාශ කරන්නේ එවැනි මත අද පළ වුවත්, 2020 දී කුමක් සිදුවේදැයි අනාවැකි කිව නොහැකි බවයි.