එංගලන්තයේ ප්රාන්ත තරගවාරයේ සරේ ප්රාන්ත පිලට ක්රීඩා කරමින් සිටින කුමාර් සංගක්කාර සිය තුන්වැනි ශතකය වාර්තා කිරීමට සමත්විය. කෙන්ට් ප්රාන්ත පිල සමග පැවැත්වෙන දෙවැනි කොටසේ සිවුදින තරගයේ පෙරේදා සරේ පළමු ඉනිමේ දී ඔහු ලකුණු 110ක් රැස් කරමින් මේ දස්කම පෑවේය.
එය සංගක්කාරගේ පළමුපෙළ තරග දිවියේ 53 වැනි ශතකය ද විය. මිනිත්තු 252ක් කඩුල්ලේ රැඳී සිටී සංගක්කාර පන්දු 183කට මුහුණදෙමින් මේ ශතකය රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගිනි.
පළමුව පන්දුවට පහරදුන් කෙන්ට් පිල ලකුණු 336ක් රැස් කළ අතර සරේ පිල පළමු ඉනිමට ලකුණු 311ක් ලබා ගත්තේය. කෙන්ට් පිලේ දෙවැනි ඉනිම ලකුණු 99කට සීමා වූයේ ලකුණු 125ක ජයග්රාහී ඉලක්කයක් සරේ පිල හමුවේ තබමිනි.






