මාර්ග දෙපස අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම පිළිබඳ දෛනික වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි.
පළාත් පාලන ආයතන විසින් තෝරාගත් ස්ථානවලට කසල බැහැර කිරීමේ දී එම කටයුතුවලට බාධා කරන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මෙහිදී ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත.
එසේම පරිසර පොලිසිය ශක්තිමත් කිරීමට පියවර ගැනීමට හා කසළ වර්ගීකරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.









