නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගස් කපන ඡායාරූප පෙළක් ඔහුගේම ෆේස්බුක් ගිණුමට පසුගිය දා එක්කර තිබූ අතර බුලත්සිංහල තිබොට්ටව නාය යෑමේ අවධානම් ඇති ප්‍රදේශයක මෙම ගස් කැපීම සිදුකර ඇති බව වාර්තා විය.
මෙම විශාල ගස් නිවෙස්වලට කඩා වැටීමට ආසන්න නිසා ඉවත් කර දෙන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ද අදාල වතු සමාගමටද දැනුම් දී ඇතත් එය ඉටු නොවූ නිසා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මෙලෙස ගස් කැපීම සිදුකර ඇති බව පැවසේ.
මෙම ගස් කැපීම සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඡායාරූප පළ කිරීමත් සමග සමාජ ජාල මාධ්‍ය තුළ අමාත්‍යවරයාට එරෙහි කතාබහක් නිර්මාණය වෙමින් පවතින අතර මෙම ගස් කැපුවේ ඇයිද යන්න පිළිබඳව වීඩියෝවක් මේ වනවිට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබේ.
එම වීඩියෝව පහතින්..









