“මගේ රූපය ඇඳලා, නම ගහලා අනුරාධපුර හොරොව්පතාන පැත්තේ සොහොන් පිට්‌ටනයකදී මට හූනියම් කර ඇති පුවතක් ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පළ වී තිබුණා. මේ වගේ දේවල් පිළිබඳව මං සැලෙන්නේ නැහැ” යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14) ස්‌වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්‌ථාවට සහභාගී වෙමින් මෙම අදහස් පළ කළේය.
”ජාතික පුවත්පත්වල පළ වුණු මේ දේවල් බලලා මට හිනා ගියා. මට බලි තොවිල් කර ඇති බවට එහි දැක්‌වෙනවා. අනුරාධපුර හොරොව්පතාන පැත්තේ සොහොන් පිට්‌ටනියක තිබිලා මේ දේවල් හම්බ වුණාම මේ රටේ ඕනෑම කෙනෙක් දන්නවා මේක කරන්නේ කවුද කියලා.”
මේ වගේ දේවල්වලින් සිදුවන්නේ තමන් තවත් ශක්‌තිමත් වීම පමණක් බවද ජනාධිපතිවරයා පැවසීය.









