FAST NEWS

24×7 Around the Globe

එංගලන්තය විශිෂ්ට ලෙස පරදා පාකිස්තානය අවසන් සටනට යයි..

2017 වැම්පියන් කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පකිස්තාන කණ්ඩායම ඊයේ (14) සමත් විය.

කසියේ වාසිය දිනු පාකිස්තාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සත්කාරක එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49 පන්දු 05 කදී සියළු දෙනා දැවී ලකුණු 211 ක් රැස් කළහ.

එ අනුව ලකුණු 211 ඉලක්කයක් හඹා ගිය පකිස්තාන කණ්ඩායම පන්දුවාර 37.1 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 215 ක් රැස් කර ගනිමීන් කඩුළු 08 ක ජයක් ලබා ගැනීමට සමත් විය.

අද (15) දිනයේ දී බංග්ලාදේශ හා ඉන්දියානු කණ්ඩායම් තරග වැදීමට නියමිත අතර එයින් ජයග‍්‍රහණය කරනු ලබන කණ්ඩායම සමග (18 ) වැනිදා පැවත්වෙන අවසන් මහා තරගයට පකිස්තාන කණ්ඩායම තරග කිරිමට නියමීත වේ.

ලකුණු පුවරුව පහතින්..

 

(DE සිල්වා)