FAST NEWS

24×7 Around the Globe

පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය තුළම ගෙල වැලලාගෙන..

 

ඉන්දියාවේ ජෝදාන් හි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරියකගේ මළ සිරුරක් හමුවී ඇති අතර පොලිස් ස්ථානය තුළම ගෙල වැලලාගෙන එසේ මියගොස්  තිබුණේ වයස අවුරුදු 24 ක පොලිස් කොස්තාපල්වරියකි.

තමන්ට රැකියා ස්ථානයේ පීඩනය දරාගන්න බැරි බවත්, තමන්ව විහිලුවකට අරන් හිරිහැර කරන්න රැකියා ස්ථානයේ අය පෙළඹී ඇති බවත්, මියයාමට පෙර ලියුමක් ලියා ඇය එසේ සදහන් කර ඇති බව වාර්තා වේ.

මේ මරණයට තමන්ගේ රැකියා ස්ථානයේ සිටින පොලිස් නිලධාරින් වගකිව යුතු බවත් ඇය එහි ලියා ඇති බව සදහන්ය.

තමන්ගේ දුව, රැකියාවට ගිය දා සිට ගෙදර ඇවිත් හිතේ අමාරුවෙන් සිටි බවත් ඇගේ මව පවසා ඇති බවද වාර්තා වේ.

මේ වෙන විට මෙම මරණය පිළිබද පරීක්ෂණ වෙනත් පොලිසියක් භාරයට ගන්නා ලෙසද පවුලේ අය ඉල්ලීම් කර ඇති බවද සදහන්ය.