FAST NEWS

24×7 Around the Globe

“ මාළු අල්ලන වැඩේම කරන්නේ ඇයි කියලා අහනවා ”

” මම මේ දේශපාලනය මගේ පෞද්ගලික දේවල් කරගන්න ඉල්ලන්නේ නැහැ. මම කිසිම නායකයෙක්ගෙන් ඉල්ලලා නෑ. මම ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා විදිහටත් ඉන්නවා. ඒකත් ලොකු අමාත්‍යාංශයක්. සමහරු කියනවා ඇයි මේකෙම ඉන්නේ කියලා. මාළු අල්ලන වැඩේම කරන්නේ ඇයි කියලා අහනවා. මට භාර වුණු වගකීමයි ඒ. මගේ රස්සාව. මම ඒක ඉල්ලලා ගත්තා නෙවෙයි. මට මේක ලැබුණා. මම ඒක ඉෂ්ට කරන්න ඕන. මට ලැබුණේ මොන කාර්යයක්ද, මම ඒක හරියට ඉෂ්ඨ කරනවා.”

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා මිද්දෙණිය නගරයේ පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.