FAST NEWS

24×7 Around the Globe

මුහුණු පොතේ ආදරය මාස 8 ක දරුවෙකු බිහි කලේ මෙහෙමයි.. (ඡායාරූප)

මුහුණු පොතෙන් හමුවූ අවුරුදු 16 ක ගැටවරයෙකුට පෙම් බැඳි 31 හැවිරිදි තරුණියක් මාස 8 ක දරුවෙකු බිහි කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන් වන අතර  Kathleen Martin නම් මෙම තරුණියගේ වයස 31 කි.

තරුණයා Jack Fucile නම් වන අතර ඔහුගේ වයස අවුරුදු 16 ක් බව සදහන්ය.

ඔවුන් දෙදෙනා මුල් වරට 2015 වර්ෂයේදී දැන හඳුනාගෙන ඇත්තේ මුහුණු පොතෙන් වන අතර ඔවුන්ගේ කතාබහ පසුව ආදරයක් බවට පත්ව තිබේ.

මෙම ආදර සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස Kathleen Martin ගැබ්ගෙන ඇති අතර පෙම්වතියට දරුවා ලැබීමට ප්‍රසූත වේදනාවෙන් සිටි බැවින් රෝහලට ගෙන යෑමට තරම් කාලයක් නොමැති නිසා මෙම තරුණයා රෝහලට දුරකථනයෙන් සම්බන්ධ වී විස්තර දැනගනිමින් දරුවා නිවෙසේදී ප්‍රසූත කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට එම බිළිඳා යහපත් සෞඛ්‍යය තත්වයෙන් ඇති බවත් මෙය ඇයගේ 3 වෙනි දරු උපත වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඡායාරූප පහතින්…