FAST NEWS

24×7 Around the Globe

රිෂාඩ් මුරලි අභිබවා යයි – වාස්ගේ වාර්තාව අනු නවයෙන් සුරැකෙයි..

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් විසින් මීට වසර 16 කට පෙර පිහිටවා තිබු හොඳම එක්දින පන්දු යැවීමේ වාර්තාව , බිඳ දැමීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථාන පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට කොදෙව් කණ්ඩායම සමග පසුගිය 09 වැනිදා පැවති තරඟයේදී එක ලකුණකින් සහ එක කඩුල්ලකින් මඟ හැරී ගියේය.

වාස් ලකුණු 17 කට කඩුලු 8 ක් බිඳ දමා තිබු අතර රෂීඩ් මෙහිදි ලකුණු 18 කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් මෙහිදි ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්  2000 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව ලකුණූ 30 ක් ලබා දී පන්දුවාර 10 ක් තුල කඩුළු 07 ක්  දවා ගැනීමේ තරග වාර්තාව අභිබවා යෑමට රිෂාඩ් මෙහිදි සමත් විමද විශේෂත්වයකි.

පළමු එක්දින තරගය ලකුණු 63කින් ජයගැනීමට ඇෆ්ගනිස්ථානු කණ්ඩායම සමත් විය.


(DE සිල්වා)