FAST NEWS

24×7 Around the Globe

චැම්පියන්ස් සුපිරි කණ්ඩායම නම් වෙයි – කෝලි පරයා දික්වැල්ල ඇතුලට..

2017 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ දැක්වූ ක්‍රීඩක දක්ෂතා විමසුමක යෙදෙමින් හොඳම ක්‍රීඩකයින් 12දෙනාගෙන් යුත් කණ්ඩායම නම් කිරීමට ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක් වන http://www.cricket.com.au  කටයුතු කර තිබේ.‍

ඒ අනුව මෙම ක්‍රීඩක ලැයිස්තුවේ පළමු 11දෙනා අතුරින් ස්ථානයක් ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හට හිමිව තිබේ.

එසේම ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි මෙම කණ්ඩායමේ 12 වන ක්‍රීඩකයා ලෙස නම් වී තිබීම විශේෂත්වයකි.

එම කණ්ඩායම මෙසේය.

1. ෂිකර් ධවාන් – ඉන්දියාව
2.ටමීම් ඉක්බාල් – බංගලාදේශය
3. ජෝ රූට් – එංගලන්තය
4. කේන් විලියම්සන් – නවසීලන්තය
5.නිරෝෂන් දික්වැල්ල – ශ්‍රී ලංකාව
6.බෙන් ස්ටෝක්ස් – එංගලන්තය
7.ඔයින් මෝගන් – එංගලන්තය
8. අඩිල් රෂීඩ් – එංගලන්තය
9.හසන් අලී – පාකිස්ථානය
10. ජොෂ් හේසල්වුඩ් – ඕස්ට්‍රේලියාව
11.මොර්නි මෝර්කල් – දකුණු අප්‍රිකාව
12.විරාත් කෝලි  – ඉන්දියාව