” අමාත්‍යවරයා වයසයි. ඔහුගෙන් ප්‍රශ්න අහන්න එපා. ඔහුට කේන්ති යනවා කියලා ඇතැම් අය විවිධ ප්‍රකාශ පළ කරනවා. ඒවා විහිළු කතා. වයසක ඇමැතිවරු එහෙනම් කැබිනට් එකෙන් ඉල්ලා අස්විය යුතුයි. මහජනතාව ඔවුන්ව පාර්ලිමේන්තුවට පත් කරලා එවන්නේ නිදියගන්න නෙමෙයි. “
මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනැන්ඩස් මේ බව පැවසුවේ අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තමාට මරණ තර්ජන සිදුකරමින් පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු පියවරක් යහපාලන රජය ගෙන නොමැති බව මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනැන්ඩස් එහිදී පැවැසීය.
මේ වනවිට තම ජීවිතයට දැඩි තර්ජන එල්ල වෙමින් පවතින බවත්, අමාත්‍යවරයාගේ හැසිරීම රටේ සමස්ත මාධ්‍යටම එල්ල කළ දැඩි ප්‍රහාරයක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
පසුගියදා ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ කඳාන පිහිටි පක්ෂ කාර්යාලයේදී බෙනට් ෆර්ඩිනැන්ඩර්ස් මහතා නැඟූ ප්‍රශ්නයකට පසු අමරතුංග අමාත්‍යවරයා මාධ්‍යවේදියාට තර්ජනය කර පහරදීමට යෑමෙන් අනතුරුව මෙම ගැටලුව උද්ගත වුණි.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ මාධ්‍යවේදී ෆර්ඩිනැන්ඩස්,
” එදා අමාත්‍යවරයා ඇතුළු පොලිස් නිලධාරීන් මට සිදු කරපු තර්ජන නිසා මටත් මගේ පවුලේ බිරිය ඇතුළු දරුවන්ටත් මේ වෙනකොට ජීවිතවලට තර්ජන එල්ල වෙලා තියෙනවා. දුරකතන ඇමතුම් මඟිනුත් තර්ජන එල්ල වුණා. ඉදිරියේදී මගේ ජීවිතයට මොනවගේ තත්ත්වයක් උදා වෙයිද කියලා මම දන්නේ නැහැ.
අමාත්‍යවරයා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධාවක් කළේ. මෙවැනි අමාත්‍යවරයෙක් මේ විදියට හැසිරීම සමස්ත මාධ්‍යටම එල්ල කරන ප්‍රහාරයක්. අමාත්‍යවරයා වයසයි. ඔහුගෙන් ප්‍රශ්න අහන්න එපා. ඔහුට කේන්ති යනවා කියලා ඇතැම් අය විවිධ ප්‍රකාශ පළ කරනවා. ඒවා විහිළු කතා. වයසක ඇමැතිවරු එහෙනම් කැබිනට් එකෙන් ඉල්ලා අස්විය යුතුයි. මහජනතාව ඔවුන්ව පාර්ලිමේන්තුවට පත් කරලා එවන්නේ නිදියගන්න නෙමෙයි. ජනතාව වෙනුවෙන් සේවය කරන්න.
අමාත්‍යවරයාගේ හැසිරීමෙන් අපිට පේන්න තියෙන්නෙ රටේ මාධ්‍ය නිදහස අනතුරේ කියලා. අපි යහපාලන ආණ්ඩුවෙන් අහනවා මේ සම්බන්ධයෙන් ගත්ත පියවර මොකක්ද කියලා. ආණ්ඩුව කිසිම පියවරක් අරගෙන නැහැ අමාත්‍යවරයාට එරෙහිව.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.