FAST NEWS

24×7 Around the Globe

බටහිර ලන්ඩනයේ මහල් 27ක ගොඩනැගිල්ල ගිනි ගත් හැටි මෙන්න.. (වීඩියෝ)

 

බටහිර ලන්ඩනයේ මහල් 27ක ගොඩනැගිල්ලක හට ගත් ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර විදෙස් වාර්තා සඳහන් කළේ අද(14) අලුයම හට ගත් මෙම ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර, එහි නිවාස 120 ක් පමණ පිහිටා තිබූ බවයි.

ගින්නෙන් පසු ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානම හේතුවෙන් ඒ අවට සිටින පිරිස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පසුවන බව වාර්තා විය.

අදාළ ගොඩනැගිල්ල 1970 වසරේ ඉදිකර ඇති බව සඳහන් වන අතර විදෙස් වාර්තාවල දැක්වෙන්නේ ගොඩනැගිල්ලෙහි 10 වන මහලේ මෙම ගින්න හට ගන්නට ඇති බවටයි.

ගොඩනැගිල්ල ගිනිගැනීම සිදුවන අයුරු දර්ශන පහතින්..