FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයට පැරදුණේ ඇයිදැයි ධනංජයගෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක්..

එංගලන්තයේදී එක්‌දිනක්‌ පුහුණුවීම් කර තරග කිරීම විශාල අභියෝගයක්‌ බව කුසල් පෙරේරාගේ ආබාධයෙන් චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා කණ්‌ඩායමට කැඳවූ ධනංජයද සිල්වා පාකිස්තානය සමග පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

“ගොඩක්‌ අමාරුයි එංගලන්තයට ඇවිල්ලා එකපාරටම සෙට්‌ වෙන්න. මොකද ලංකාවේ රස්‌න කාලගුණයක පුහුණුවීම් කරලා මෙහෙ සීතලට හුරුවෙන්න ටිකක්‌ අමාරුයි. නමුත් මම මේ තරගයට පෙර එක දවසයි පුහුණුවීම් කළේ.”

“අද පන්දු රැකීම තමයි තරගය පරදින්න ලොකුම හේතුව වුණේ. ඒක හදාගෙන ඉස්‌සරහට යන්න වේවි” යෑයි පැවසූ ධනංජයද සිල්වාගෙන් ලෝකයේ දුර්වලම පන්දු රකින කණ්‌ඩායම ශ්‍රී ලංකාවද යනුවෙන් මාධ්‍ය විසින් නැගු ප්‍රශන්යකට පිළිතුරු දෙමීන් “මේ තරගයත් එක්‌ක බලනකොට සමහර විට එහෙම වෙන්න පුළුවන්. මොකද චාන්ස්‌ පහක්‌ විතර අපේ අතින් ගිලිහී ගියා.” යනුවෙන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එක්‌දින තරගවලදී පසුගිය කාලයේදී අසාර්ථක වුවද ඉදිරියේදී අවස්‌ථාවක්‌ ලැබුණොත් උපරිමය කිරීමට තමා උත්සාහ කරන බවත් ආරම්භක පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට පැමිණ අංක හත ස්‌ථානයේ පහරදීමද එක්‌තරා අභියෝගයක්‌ වූ බවත් ධනංජය ද සිල්වා වැඩිදුරටත් වැඩි දුරටත් සඳහකන් කර තිබේ.

(DE සිල්වා)