බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් උත්සාහ දරන්නේ රටේ ජාතිවාදයක් අවුස්‌සා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට සිංහල අපේක්‍ෂකයා ලෙස චම්පික රණවක ඇමැතිවරයා ඉදිරිපත් කිරීමට සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපත්වීම වැළැක්‌වීමට යැයි රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා ඊයේ (13) පැවැසීය.
රටේ “හලාල්” බොරු බියක් ඇතිකර ජාතිවාදය ඇවිස්‌සීමට උත්සාහ කළ චම්පික රණවක ඇමැතිවරයාත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අද “හලාල්” යන වචනයවත් භාවිතා නොකරන්නේ “හලාල්” ලේබලය රටින් ඉවත්වී ඇති නිසාද යන්න තමා විමසා සිටින බව අජිත් ප්‍රසන්න මහතා කියා සිටියේ ඊයේ (13) මරදාන සමාජය හා සාමාජික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඒ මහතා මෙසේද පැවැසීය.
2015 ජනවාරි 8 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කරන්න හේතු කිහිපයක් බලපෑවා. ඉන් එකක් බොදුබල සේනා සංවිධානය ජාතිවාදය ඇවිස්‌සීම. එම මැතිවරණයේදී උතුරු නැගෙනහිර හැරෙන්න දිවයිනේ අනික් පළාත්වල මහින්ද රාජපක්‍ෂ ඉදිරියෙන් සිටියා. නමුත් උතුර හැර නැගෙනහිර ගත්තාම බහුතරය මුස්‌ලිම්. මේ මුස්‌ලිම් ඡන්ද එදා හංසයාට දෙන්න හිටියේ නැහැ. මොකද එල්ටීටීඊය විසින් මුස්‌ලිම් වැසියන් ඝාතනය කර සිදුකළ විනාශයට එරෙහිව ඒ අය පොදු අපේක්‍ෂකයාට ඡන්දය නොදීමටයි සිටියේ. නමුත් බොදුබල සේනා සංවිධානය ජාතිවාදය අවුස්‌සපු නිසා මුස්‌ලිම් ජාතීන් මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණියහොත් ඔවුන්ට කරදර වෙයි කියලයි පොදු අපේක්‍ෂකයාට ඡන්දය දුන්නෙ.
බොදු බල සේනා සංවිධානයේ ප්‍රථම වරට ගාල්ලේ පැවැති උත්සවයට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ එම සංවිධානය ගැන නොදැනුවත්වයි. පසුව මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ප්‍රකාශ කර තිබෙනවා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හෙළ උරුමයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ අයෙක්. ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නෝර්වේ රටට ගියා. මොකටද නෝර්වේ ගියේ. මේ කුමන්ත්‍රණ පසුගිය රජයට තේරුම් ගියේ නැහැ. මුස්‌ලිම් දේවස්‌ථාන ගිනි තියනවා, මුස්‌ලිම් කඩවලට පහර දෙනවා. මහරගම සිද්ධියකට බොදුබල සේනා සංවිධානයේ ප්‍රබලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එම සංවිධානයට වැඩ කළාට සංවිධානයේ සාමාජිකයෙක් නොවෙයි කියනවා. මේවා කාටද කියන්නේ. මේ අය නොයෙක් ජාතිවාදී අදහස් ප්‍රකාශ කරන කොට මෝඩ රැළක් ඒවාට අනුව නොයෙක් නීති විරෝධී දේවල්වලට පෙළඹෙනවා.
මේ වන විට ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අත්අඩංගුවට ගන්න එපා කියලා පෝස්‌ටර් ව්‍යාපාරයක් ගෙනියනවා. මම කියන්නේ මේ පෝස්‌ටර් ගහන අයත් අත්අඩංගුවට ගත යුතුයි. මේවා හරහා කලබල ඇති කරලා රට තුළ හදිසි නීතිය බලාත්මක කර ඡන්ද කල් දාන්නත් මේ අය උත්සහ කරනවා වෙන්න පුළුවන්. මේ අයගේ තවත් අධිෂ්ඨානයක් තමයි 2020 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත්වීම වැළැක්‌වීම.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.