FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රිට එරෙහිව සොහොන් පිටියක හූනියමක්..

 

අනුරාධපුර කැබිතිගොල්ලෑව පහළ උස්ගල්ල ප‍්‍රදේශයේ සොහොන් පිටියකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක ඇතුළු පිරිසකට හූනියමක් කල බවට සාක්‍ෂි ලැබී ඇති බව වාර්තා වේ.

එම සොහොන් පිටියේ තිබූ හමු වූ තඹ පත‍්‍රිකාවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඇමති දුමින්ද දිසානායක, උතුරුමැද හිටපු ඇමති නන්දසේන, උතුරු මැද ඇමති සුසිල් ගුණරත්න හා ඔහුගේ පුත‍්‍රයා තුසිත ගුණරත්න, ඇමති දුමින්ද දිසානායකගේ සහෝදරයින් තිදෙනාගේ නම්ද රූපද තඹ පත්‍රිකාවේ ඇද තිබී ඇති බව සදහන්ය.