කුල ප්රශ්නය හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ලේ නොදීම නිසා යාපනයේ ලේ බැංකුවල ඇතිවූ ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය දෙන්නැයි පොසොන් පොහෝ දින යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ලේ පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් යාපනය ශික්ෂණ රෝහල් ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත භට පිරිස් එහි යවා හමුදා සෙබළුන් ලේ පයින්ට් 170ක්දී ඇති අතර පසුගිය සිකුරාදා (09) සවස් වන විට ලේ පයින්ට් 100ක් ලබාදී ඇත.
උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම ලේ පරිත්‍යාගයන් කළ බවත් මෙම වසරේ පමණක් දැනට ලේ පයින්ට් දහසක් යාපනේ පිහිටි මහ රෝහල පේදුරුතුඩුව, තෙලිප්පලේ, චාවාකච්චේරි, පලෙයි, අච්චුවේලි රෝහල් වෙත ලබාදී ඇති බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.
හමුදා භට පිරිස් මෙසේ ලේ දන් දීමට නොසිටියා නම් උතුරේ රෝගීන්ට ලේ නොමැතිව දැඩි අර්බුදයක් ඇති වන බව උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙන ලදි.









