FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ ගුරුවරයාගෙන් කාන්තාවන්ට ලැබුන පොරොන්දුව..

 

හොඳින් හැඳ පැළඳගෙන ගුරුවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් විවාහ කර ගන්නා බවට බොරු පොරොන්දු දී ඔවුන්ගේ මුදල්, අභරණ ආදිය කොල්ල කෑ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ටාශය අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම මෙම පුද්ගලයාට එරෙහිව රට පුරා පැමිණිලි ඇති බව සඳහන් වන අතර නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ දී අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ වැලිකඩ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටි බව වාර්තා වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියා දෙන බවට ද මොහු පුද්ගලයන් රවටා මුදල් වංචා කර ඇති බවද පොලිසිය පවසා ඇත.