පසුගියදා පැවති තරඟ වලදී විරාත් කෝලි සහ දකුණු අප්‍රිකාවේ ඩිවිලියන්ස් තරඟ දෙකකදී ලකුණු බිඳුවකින් දැවී යාමට වගකිව යුත්තේ පකිස්තානු සයිනබ් අබ්බාස් නමැති මාධ්‍යවේදිනියක් බව මේ වනවිට සමාජ ජාලවල පණිවිඩ නිකුත් වෙමින් පවතියි.
එයට හේතුව වී ඇත්තේ ඇය විසින් කෝලි සහ ඩිවිලියන්ස් සමඟ ලබාගත් සෙල්ෆි ඡායාරූප දෙකකින් පසුව ඔවුන් ඉදිරිපත් වූ තරඟ වලදී ඔවුන් දෙදෙනාම ලකුණු බින්දුවට දැවී යාමය.
ඊයේ(12) දිනයේ පැවති තරඟයට පෙරද ඇය මෙවැනිම සෙල්ෆි ඡායාරුපයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමඟින්ද ලබාගෙන ඇති අතර ඉන් පසුව ඇය සිය ට්විටර් ගිණුමේ ඔන්න මම වැඩේ කළා යනුවෙන්ද සඳහන් කර තිබෙන බව සඳහන් වේ.
එම නිසා නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම පැරදීමට හේතුවත් මැයගේ මේ සෙල්ෆි ඡායාරූපය බව පවසමින් සමාජ ජාලවල පණිවිඩ හුවමාරු වීමට පටන් ගෙන තිබේ.
ඇය ලබාගත් ඡායාරූප පහතින්..


![]()
















