FAST NEWS

24×7 Around the Globe

මාලිංගගේ පන්දු හමුවේ පහසු උඩපන්දු දෙක ගිලිහුණ හැටී.. (වීඩියෝ)

ශූරයින්ගේ කුසලානය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හරින්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ(12) සිදුවූයේ පාකිස්ථානය හා පැවති තරඟය කඩුලු 3කින් පරාජය වීම හේතුවෙනි.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2කදී සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළේය.

විටෙක කඩුලු 3ක් දැවී ලකුණු 160ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236කට සීමා කිරීමට පාකිස්ථානු වේගපන්දු යවන්නන් සමත් වූයේ ඉතිරි කඩුලු 7ම ලකුණු 76කට දවාලමිනි.

අනතුරු පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ඊයේ(12) පරාජයට හේතුවක් විය.

පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය නායක සෆ්රාස් අහමඩ් ලසිත් මාලිංගගේ පන්දු හමුවේ තිසර පෙරේරාට හා සීකුගේ ප්‍රසන්නට ලබාදුන් පහසු උඩපන්දු දෙකක් ගිලිහි යාම ඊයේ තරඟය ශ්‍රීලංකාව පරාජය වීමට විශාල හේතුවක් විය.

තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න අතින් එම උඩපන්දු ගිලිහී ගිය අයුරු දැක්වෙන වීඩියෝව පහතින්..