2017 චැම්පියන් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ “බී” කාණ්ඩයේ තීරණාත්මක තරයක් වු ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර ඊයේ (12) පැවති තරඟයෙන් කඩුළු 03 ජයක් ලබා ගැනීමට පකිස්තාන කණ්ඩායමට සමත් විය.
කාසියේ වාසිය දිනු පාකිස්තාන අරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 2ක් තුළ සියලුම දෙනා දැවී ලකුණු 236 ක් ලබා ගැනීමට සමත් විය.
එ අනුව ලකුණු 237 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 05 ක් තුළ සිය ජයග්‍රාහි ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
ඒ අනුව පකිස්ථානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබේ.
(DE සිල්වා)









