FAST NEWS

24×7 Around the Globe

හත් මස් ගැබිණියක් පැදවූ මෝටර් රථය මතට අලියෙකු ඇද වැටිලා..

 

අනුරාධපුර පාදෙනිය ප්‍රධාන මාර්ගයේ තලාව, මොරගොඩ, තේක්ක රක්ෂිතය ඉදිරිපිටදී අද (12) අළුයම 05.40 ට පමණ සිදුවූ අනතුරෙන් මෝටර් රථයක්, මාර්ගය හරහා ගිය වන අලියෙකුගේ ගැටී වන අලියා මෝටර් රථය මතට ඇද වැටී අනතුරක් සිදුව තිබේ.

තලාව පොලිසිය පැවසුවේ පාසල් ගුරුවරියක වන හත් මස් ගැබිණියක් පැදවූ මෝටර් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි.

මෝටර් රථයේ ගමන්කල තුන් හැවිරිදි දැරියක් සුළු තුවාල ලබා අද(12) අළුයම ප්‍රතිකාර සදහා තලාව රජයේ රෝහලට ඇතුලත්කර තිබේ.

ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් සේවයේ නිරත අනුරාධපුර නව නගරයේ පදිංචි ඩබ්.එස්.වික්‍රමසිංහ (33) හා ඇගේ තුන් හැවිරිදි දියණිය අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ සිට තිබේ.

මෝටර් රථයේ ගැටී ඒමතට අඩි දහයක් පමණ උසින් යුතු වන අලියා ඇද වැටීම නිසා කුඩා මෝටර් රථයට බරපතල අලාභ හානී සිදුව තිබේ.