FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන චරිතයකින් ප්‍රියංකා රඟන “Baywatch” තිරගත වෙයි.. (වීඩියෝ)

 

ප්‍රධාන චරිතයකින් බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා දායක වන ජනප්‍රිය රූපවාහිනි කතා මාලාවක් වූ “Baywatch” ඇසුරින් නිෂ්පාදනය වන “Baywatch” චිත්‍රපටයේ ජනප්‍රිය ක්‍රියාදාම නළු ඩ්වේන් ජොන්සන් හා සැක් එෆ්රොන් රඟන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සෙත් ගෝර්ඩ්න් විසිනි.

එසේම මෙහිදී ජේ.ෂෙරික්, ඩේවිඩ් රොන්, තෝමස් ලෙනොන් සහ රොබට් බෙන් ගැරන්ට් විසින් මෙම කතාව ලියා ඇති අතර, තිර රචනය ඩේමියන් ෂැනොන් සහ මාක් ස්විෆ්ට්ගෙනි.

ඒ අනුව “Paramount Pictures”, “Contrafilm”, “The Montecito Picture Company”, “Vinson Pictures”, “Seven Bucks Productions”, “Flynn Company” සහ “Cold Spring Pictures” යන චිත්‍රපට සමාගම් දායක වූ මෙම චිත්‍රපටය මැයි මස 25 වැනිදා නිකුත් විය.

එහෙත් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය 13 වැනිදා ඇමෙරිකාවේ මියාමිහිදීද පැවැත්වී ඇති අතර හාස්‍ය ශානරයේ චිත්‍රපටයක් වන Baywatch චිත්‍රපටය, ඉවාන් රෙයිට්මන්, මයිකල් බර්ක්, ඩග්ලස් ෂෙවැට්ස්, ග්‍රෙගරි ජේ.බොනැන් සහ බියු ෆ්ලයින් නිෂ්පාදනය කරන ලද්දකි.

වීඩියෝව පහතින්..