FAST NEWS

24×7 Around the Globe

අමුතු උපකරණයක් අතැතිව සැකකරු කොටු වූ හැටී..

තබුත්තේගම පොලිසිය විසින් මසක පමණ සිට කොටු කරගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු ඊයේ(11) සවස තබුත්තේගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොහුගේ අතැතිව නවීන පන්නයේ ස්කෑන් යන්ත්‍රයක් ද තිබු බවද සඳහන් වූ අතර පසුව ඒ සම්බන්ධයෙන් අදාළ සැකකරු කළ පාපොච්චාරණයෙන් අනාවරණය වී ඇත්තේ එම යන්ත්‍රය මගින් වර්ග අඩි 800 ක වපසරියක් තුළ ඇති රත්තරන් සහ ලෝහ ද්‍රව්‍ය තිබෙන ස්ථානය පෙන්නුම් කරන බවත් ඉන් අනතුරුව එම ස්ථානයේ සිට අඩි 30 ක් පොළොව යට ඇති රත්තරන් සහ ලෝහ ද්‍රව්‍ය තිබේනම් එමගින් සොයාගත හැකි බවත්ය.

අද(12) දින මෙම සැකකරු තබුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීට අමතරව මෙම පුද්ගලයා නිදන් හාරන පුද්ගලයින්ට උදව් කළ අයෙකු බවටද අනාවරණ වී තිබේ.