FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි අලෙවිකරුවෝ ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට යයි..

මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කළහොත් ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට ලොතරැයි අලෙවිකරුවෝ සූදානම් වන බව අපට වාර්තා විය.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹේ මහතාගෙන් අප කළ විමසීමේ දී ඒ මහතා සඳහන් කළේ ඒ පිළිබඳව තවමත් පවතින්නේ ආරංචිමාර්ග පමණක් බැවින් සහ ගැසට් නිවේදනයක් නිකුත් වී නොමැති බැවින් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා තීන්දුවක් ගෙන නොමැති බවයි.

එසේම ක්‍රිෂාන්ත මාරඹේ මහතා සඳහන් කර සිටියේ දැනට ඔවුන්ට ලැබී ඇති ආරංචිමාර්ග අනුව දැනගන්නට ලැබී ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බවයි.

නමුත් එම මණ්ඩල දෙක විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරා ගතහොත් ඉදිරියේ දී සිය සංගමයේ විධායක සභාව රැස් වී ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දු කරන බව ද ඔහු පැවසීය.

එසේම ඉතිහාසයේ මේ දක්වා මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය වෙනත් අමාත්‍යාංශයක් සතු වීම විපර්යාසයක් බැවින් එසේ වෙනස් වීමක් සිදු නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.