FAST NEWS

24×7 Around the Globe

කොල්ලුපිටියේදී දුම්රියේ ගැටුණු දරුවාගේ හිස මතු වූ තැන..

කොළඹ කොටුවේ සිට අඹේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත.

මෙම හිස කොටස දුම්රිය ස්ථානයට බාර දීමෙන් පසුව පොලීසිය දැනුම් දී ඇති අතර මෙහිදී කළ පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ මෙම හිස කොටස ඉරිදා (11) කොල්ලුපිටිය ප්‍රදේශයේදී ජායාරූප ගැනීමට යාමේ දී දුම්රියක ගැටුණු සොයුරන් දෙදෙනාගෙන් අවුරුදු 12 ක වයසේ දරුවාගේ බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර නව නගරයේ පදිංචි පවුලක දරු දෙදෙනෙකු බවද අනාවරණය වී ඇත.