FAST NEWS

24×7 Around the Globe

ගඩාෆිගේ දෙවැනි පුතු වු සයිෆ්ට නිදහස…

බලයෙන් නෙරපා, මරා දැමුණු ලිබියානු හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ දෙවැනි පුතු සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆිට පොදු සමාවක් යටතේ නිදහස හිමිවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය සය වසරක කාලය පුරාවට ලිබියානු කැරැල්ලට සම්බන්ධ වුණු සන්නද්ධ කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ සයිෆ් අල් ඉස්ලාම් පසුවුණු බවත් ඔහු සිරගත කර තැබුණේ සින්ටාන් නුවර බවත් ලිබියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එසේම සටන්කාමීන් කණ්ඩායම සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස් කරනු ලැබ ඇත්තේ බටහිර රටවල අනුග්‍රහයෙන් පිහිටුවූ ලිබියානු අන්තර් පාලන රජයේ නියෝගය අනුව යැයි ද වාර්තා වේ.

කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමට නියමිතව සිටියේ සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆිය.

(DE සිල්වා)