FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය කණ්ඩායම චැම්පියන්ස් කුසලානයට සමීප වෙයි..

2017 අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටය සඳහා බී කාණ්ඩයේ පළමු කණ්ඩායම ලෙස තෙරී පත්වීමට ඉන්දීයාව ඊයේ (11) සමත් විය.

එ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කඩුළු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන් අතරම  ඔවුන් පන්දු වාර 44යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී  ලකුණු 191ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායම පන්දුවාර 38 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 193ක් ලබා ගෙන සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

(DE සිල්වා)