FAST NEWS

24×7 Around the Globe

එජාපයේ අමාත්‍යවරු මන්ත්‍රීවරුන්ට පඩි ගෙවති…

ආණ්ඩුවේ එජාපයේ අමාත්‍යවරු දෙදෙනකු විසින් පාර්ලිමේන්තුවේ එම පක්ෂයේම පසුපෙළ මන්ත්‍රීවරු සහ පිටස්තර පුද්ගලයන් කිහිප දෙනෙකුට මාසිකව ලක්ෂ ගණනින් අමතර වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.

එම ඇමැතිවරු විසින් මන්ත්‍රීවරුන්ට පුද්ගලයන්ටත් රජයෙන් දෙන වැටුපට අමතරව තවත් වැටුපක් ලබාදී ඇත්තේ කුමන පදනමක් මතද? එම මුදල් ලබාදී ඇත්තේ රජයෙන්ද? රජයෙන් නම් එයට හේතු මොනවාද? යන්නත් සොයාබලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට නියමිතය.

එම වැටුප් රජයෙන් නොමැතිව පෞද්ගලික මුදලකින් දී ඇත්නම් එලෙස මුදල් ලැබුණේ කොහෙන්ද යන්නත් සොයාබලන ලෙසට යෝජනා කිරීමට නියමිත බව පැවසේ.

කොසේ වෙතත් දැනටමත් එම අමාත්‍යවරු දෙදෙනා විසින් අමතර පඩි ගෙවූ මන්ත්‍රීවරු, අමාත්‍යංශවල ලේකම්වරු, පෞද්ගලික ලේකම්වරු කිහිපදෙනෙකුගේ ලැයිස්තුවක් ලැබී ඇති බව මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ක්‍රියාකරන ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු පැවසීය.

එම ලැයිස්තුව සමග පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් ඊට පසුව එය පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අමාත්‍යංශයෙන් මෙසේ ගෙවන ලද මන්ත්‍රී වැටුප් අත්හිටවූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කළේය