“නියමයි. කණ්ඩායමකට වැඩි දෙයක් එහි තිබෙනවා.” 2017 චැම්පියන්ස් කුසලාන ක්‍රීකට් තරඟාවලියේදී ඊයෙ (08) ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද ජයග්‍රහණයෙන් අනතුරුව කුමාර් සංගක්කාර සිය නිල ට්විටර් ගිණුමෙහි පණීවිඩයක් තබමීන් සඳහන් කර තිබේ.
එසේම තමන් විචාරක කුටියේ සිය අභිමානයෙන් ශ්‍රී ලංකා ජයග්‍රහණය වින්දනය කළ බවත්, ජයග්‍රහණයට හේතුවු ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපවීමේ සුත්‍රයක්ද සංගාකාර එහි සඳහන් කර තිබේ.
ලන්ඩන් – ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරඟයේ ලකුණු 322ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 03ක් බිඳ වැටී තිබියදී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
(DE සිල්වා)








