FAST NEWS

24×7 Around the Globe

ලොම් හැලෙන ලෙඩ තිබුණත් මිනිසුන් අභිබවා සංවේදී වූ සුනඛයා..

ගම්පොළ පුපුරැස්ස ලෙවලන්වත්ත මානිකට්ටුව ප්‍රදේශයේ මියගිය අයකුගේ අවසන් කටයුතු සිදුකිරීමට සොහොන වෙත රැගෙන යමින් සිටියදී අතරමඟ බඹර ප්‍රහාරයක් එල්ලවීම නිසා දේහය සහිත පෙට්ටිය බිම දමා අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වූ පිරිස සී සී කඩ දිව ගියද දෙණ සහිත පෙට්ටිය තනි නොකර  පිරිස යළි පැමිණෙන තුරු පැය දෙකක් පමණ එහිම රැඳී දේහයට රැකවරණය ලබා දී ඇති සුනඛයෙකු පිළිබඳව පුවතක් වාර්තා වේ.

ඇඳිරි වැටී ගෙන එනවිට පන්දම් දල්වාගෙන පැමිණි පිරිස දෙණ මිහිදන් කොට ආපසු ගොස් ඇති අතර බඹර ප්‍රහාරයට ලක්වූ 8 දෙනකු රෝහල් ගත කොට ඇති අතර පසුව මෙම සුනඛයා  යළි නිවෙසට නොගොස් මිනී වළ මත රැඳී සිටි බවද වාර්තා විය.

එම පුවත දැන ගැනීමත් සමග සත්වාරක්ෂක සංගමයේ පිරිසක් එම බල්ලා සිටි පුපුරැස්ස මනිකට්ටුව ප්‍රදේශයට ගොස් ඇති අතර මනිකට්ටුව පේළි නිවාසයක හැදී වැඩී ඇති බල්ලාට ලොම් හැලෙන රෝගය වැලඳී ඇඟේ තුවාල දමා තිබීම නිසා මිනිසුන්ගේ සැලකිල්ලද අඩු වී තිබූ බව වාර්තා විය.

එසේම සුනඛයාව කොළඹට රැගෙන පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති බවත් බඹර විස සඳහා ප්‍රතිකාර ආරම්භ කොට ඇති බවත් දැනගන්නට ලැබිණ.