රටේ සමස්ත ප්‍රජාව නියෝජනය වන පරිදි සෑම සිකුරාදාවකම මදුරු මර්දන හෝරාවක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්.ඩබ්ලිව්. ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන් එම පැයක කාලය තුළ නිවස, කාර්යාලය හෝ මගතොට මේ ආදී කුමන තැනක සිටියත් එම කාර්යයට දායක වීමේ වගකීමක් ඇතැයි පැවසීය.
ගංවතුර බැස යාමත් සමග යළි ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් ඇති බැවින් මාස තුනක කාලයක් මෙය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවද පැවසීය.
දැනට සිකුරාදා පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය මදුරු මර්දන හෝරාව ලෙස ප්‍රකාශයට පත් කිරීමට හඳුනා ගෙන ඇති බවද ජයසුන්දර බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.









