FAST NEWS

24×7 Around the Globe

තරුණියගේ සිරුර දින 05 කට පසු සොයා දුන් සුනඛයා..

 

ඇහැලියගොඩ, මාරඹේ බෝගොඩ කන්දේ නාය යෑමෙන් අතුරුදහන් වූ නිරෝෂා ශ්‍යාමලී ගුණරත්න තරුණියගේ සිරුර දින 05 කට පසු සුනඛයෙකු විසින් සොයා දීමේ පුවතක් වාර්තා වේ.

සිය පෙම්වතාගේ නිවස අසල ඇළ දිගේ නාය යාමක්‌ සිදුවන බැවින් ඒ දෙස ඇය බලා සිටියදී හදිසියේ පිපිරීමක්‌ සමඟ කන්ද නාය ගොස්‌ ඇති අතර ඒ අසල සිටි පිරිස්‌ ආරක්‌ෂාවට දිවගොස්‌ ඇතත් ඇය ඇගේ නිවස දෙසට දිව යෑමට උත්සාහ කිරීමේදී මෙසේ අනතුරට පත්ව ඇති බව පැවසේ.

දින 05 ක්‌ තිස්‌සේ ප්‍රදේශයේ ජනතාවත් යුද හමුදා සහ පොලිස්‌ නිලධාරීන් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් කැණීම් කරමින් සිටියදී සුනඛයකු විසින් එක්‌ ස්‌ථානයක්‌ ඉව අල්ලමින් සිටිනු අයෙක් දැක ඇති අතර පසුව සුනඛයා පෙන්වූ ස්‌ථානයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කර බලන විට අතුරුදහන්වූ තරුණියගේ සිරුර මතු වී ඇති බව වාර්තා විය.

එසේම මේ වන විට තරුණියගේ පියා ද  ඇය මිය යෑමේ සොවින් රෝගී වී මිය ගොස් තිබේ.