FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පරාජය කළ සැලසුම තාහීර් මාධ්‍ය වෙත හෙළි කරයි..

2017 චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 27කට කඩුලු 4ක් දවාගමීන් දකුණූ අප්‍රිකා කණ්ඩායම ජය මාවත වෙත ගෙන ගිය පා දඟපන්දු යවන ඉම්රාන් තාහීර් තරගයේ වීරයා වීමට සම්මානයෙන් පිදුම් ලැබුවේය.

එම තරගය පිළිබඳව අදහස් දකවමීන් තාහීර් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම වටිනා ආරම්භයක් ලැබුවත් සිය කණ්ඩායම තරගයට හොඳින් තරගයට අවතීර්ණ වීම තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි පීඩනයකට හසු වූ බවය.

“අපි හොඳ සැලසුමකින් ක්‍රීඩා කළේ. මම බලා‍පොරොත්තු වුණේ නැහැ ලොකු දඟ කැවීමක් සිදුවේවි කියා. කොහොම වුණත් ඊට පෙර දින පැවති එංගලන්ත – බංග්ලාදේශ තරගය දෙස බලා සිටීම නිසා මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා මගේ පන්දු යැවීම විවිධත්වයක් තුළ පිතිකරුවන්ට යොමු කිරීමට. කොහොම වුනත් මම තරගයට පෙර සතියේ ගොඩාක් මහන්සි වුණා. නායක ඩිවිලියස් මට නියම අවස්ථාවේ පන්දු යැවීමට දුන්නා. මම වඩාත් විශ්වාසයෙන් පන්දු යැවීම තුළ පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කළා” යැයි ඉම්රාන් තාහීර් දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)