FAST NEWS

24×7 Around the Globe

වීදුරු කටු මිශ්‍ර සහල් කළ හදියක්..

කතරගම ධීවර ගම්මානයේ නිවසක උයන ලද බත් මුට්‌ටියේ තිබූ වීදුරු කටු සහිත බත් කෑ දරුවන් දෙදෙනකු හා දරුවන්ගේ මව ලේ වමනය දැමීම නිසා කතරගම රෝහල වෙත යොමු කිරීමේ සිද්ධියක්‌ 04 වැනිදා රාත්‍රී කතරගමින් වාර්තා විය.

ධීවර ගම්මානයේ ගල් කොරිය අසල නිවසකට රැගෙන ආ සහල් වලින් රාත්‍රී ආහාරය බත් පිළියෙළ කර ඇති අතර මෙම බත් කෑ ළමුන් කටින් ලේ දමමින් සිටිය දී ඒ බව දැක ළමයා කන ලද බත් පරීක්‌ෂා කිරීමේදී බත් තුළ වීදුරු කැබලි තිබූ බව සිද්ධියට මුහුණ පෑ දරුවාගේ පියා වන ධීවර ගම්මානයේ පදිංචි කේ. එල්. හෂාන් චතුරංග මහතා පැවසීය.

පසුව උයන ලද සහල් පරීක්‌ෂා කිරීමේ දී එම සහල්වල වීදුරු කටු, ගල්, කුඩා යකඩ කැබලි රැසක්‌ තිබී සොයාගෙන ඇති අතර පසුව මෙම සිදුවීම ගැන කතරගම පොලිසියට පැමිණිලි කර තිබේ.

අනතුරුව සහල් ගත් ධීවර ගම්මානයේ වෙළඳසළද පරීක්‌ෂා කර ඇති අතර     වෙළඳසල්හිමියා පැවසුවේ තමන් සහල් ලොරියකින් මෙම සහල් ගෝනිය මිල දී ගත් බවයි.

වීදුරු සහිත බත් කෑ දරුවෝ හා මව කතරගම රෝහලෙන් ප්‍රතිකාර ලබා 05 දා පිටව ගොස් ඇති අතර කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති උපාලි කාරියවසම් මහතාගේ උපදෙස්‌ මත කතරගම පොලිස් නිලධාරීහු මෙම සහල් සම්බන්ධව පරීක්‌ෂණ පවත්වති.