පසුගියදා මෝටර් සයිකල් අනතුරකින් ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මරණයට පත්වුනේ ඔහු සමග කරට කර තරඟ කළ ඔහුගේ හිතවත් සුරාජ් පෙරේරාගේ මෝටර් සයිකලයේ පැටලීමෙන් පසුය.
ඔහු ගුවන් විදුලි නාලිකාවක් අමතා එම අවස්ථාව විස්තර කර තිබෙන්නේ මෙසේය.
‘එදා උදේ කාසිය වාසිය බලද්දි ආනන්ද අයියාට ලැබුණේ දෙවැනි ධාවන පථය. මම හත.
අපි දෙන්නා වට තුන හතරක් දෙවැනි ධාවන පථයේ තරග කළා. අන්තිම වෙලාවෙදි අපි දෙන්නම වේගවත් වුණා.150ක වේගයෙන්. බයික් එකේ කොණ එක පාරක් වදිනකොට මම වේගය අඩු කරගන්න ගියත් පාලනය කරගන්න බැරි වුණා. අනතුර වුණ වෙලාවේ මාවත් ඇදගෙන වැටුණා. නමුත් ආනන්ද අයියා බරපතල තත්ත්වයක කියලා කවුරුත්ම දන්නේ නැහැ. මමත් ඒ මොහොතේ නැගිටලා තරගයට යළිත් අවතීර්ණ වෙන්න උත්සහා කළා. නමුත් මට දැනුණා මටත් නැගිට ගන්න බැහැ බයික් එක අල්ලන්නවත් බැහැ කියලා. ඒත් මම බයික් එක කෙලින් කරගෙන පැඩොක් එක ළඟට ගියා. ඒ ගමන්ම මාව එතැනින් ඉවත් කරලා ගිලන් රථයට දාගෙන පස්සේ
ආනන්ද අයියා ඉන්න තැනින් අයියාවත් දාගත්තා. ආනන්ද අයියා ඒ මොහොතේ වේදනාවෙන් කෑ ගැහුවා මගේ කකුල කියලා.
මම ආනන්ද අයියාව දන්නේ අවුරුදු 10ක ඉදලා. කවුරුත් දිනන මානසිකත්වයෙන් යන්නේ. එහෙම නැතුව තරගකරුවන්ව අනතුරට ලක් කරලා දිනන මානසිකත්වයෙන් නෙමෙයි. මම එදා අනතුරට ලක් වෙලා මැරුණා නම් අද උත්තර දෙන්න වෙන්නේ ආනන්ද අයියාට. අද අයියා නැහැ. මට හැමෝටම උත්තර දෙන්න සිදු වෙලා. මේක අත්වැරදීමක්.
මම අවසන් ගෞරව දක්වන්න ගියේ නෑ. මම ඔහුගේ අයියාට කතා කළා. ඔහු කිව්වා තියෙන වාතාවරණය එක්ක එන්න එපා කියලා. මමත් ඉන්නේ කම්පනයෙන්. මගේ හිතවතාට අවසන් ගෞරව කරන්නවත් මට බැරි වුණා.‘
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.